
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන අයට ලබාදී තිබූ වරප්‍රසාද ඉවත් කිරීමට ආණ්ඩුවට බලපෑ හේතුව කුමක්දැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි.
චන්ද්‍රිකාගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ බවත්, ඇයගේ ඇසකට බෝම්බ ප්‍රහාරයකින් තුවාල සිදුවී ඇති බවත් රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙයි.
“චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මට කවදාවත් සහයෝගය දීලා නැහැ. අපි එකතුවෙලා වැඩකරලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන්න විතරයි.”
මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, මහින්ද රාජපක්ෂට මහජනතාව අතර තිබූ ජනප්‍රියතාව නැතිවීම වෙනම කාරණයක් නමුත්, යුද්ධය අවසන් කළේ ඔහු බව සළකන විට ඔහුගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වියයුතු බවයි.
රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ තමාගේ සියලු වරප්‍රසාද ඉවත් කර අනෙක් අයට ලබාදී ඇති වරප්‍රසාද පවතින්නට ඉඩ සලසන ලෙසයි.
පාර්ලිමේන්තු ක්‍රමයට ඇඟිලි නොගසන ලෙසට රජයට අවවාද කරන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එවැනි කරුණු සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart