
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථාන අන්තවාදී ප්‍රහාර හේතුවෙන් 2013-2023 අතර වසර 10 ක පමණ කාලයේ පාකිස්ථාන සොල්දාදුවන් පොලිස් භටයින් රෙන්ජර්වරුන් 400ක් පමණ ඝාතනයවී ඇති බව ටයිම් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය අනාවරණය කරයි. 2016 හමුදා පොදු පාසලට එල්ල වූ TTP සංවිධානයේ එවැනි ආකාරයේ ඝාතන සිදුවූ ප්‍රහාරයකදී 174 ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් කුඩා දරුවන් විය. මෙම මිලේච්ඡ ප්‍රහාරයවල වගකීම සුන්නි අන්තවාදී සංවිධාන වන ලෂ්කාර්- ඊ- සහවා, ලෂ්කාර් – ඊ- ජංග්වී, ස්පා -ඊ- සහබා ඇතුළු තවත් බොහෝ එවැනි අන්තවාදී සංවිධාන වෙත පැවරේ.
පාකිස්ථාන ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට එම සංවිධාන නීති විරෝධී ලෙස නම්කිරීමෙන් පසු නිතර නිතර ඔවුන්ගේ නම් වෙනස් කරමින් දිගින් දිගටම එම ක්‍රියාවන්ගෙම නිරත ව ඇති බවයි. පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සටන්කාමීන් සමග සංවාද පැවැත්වීමට උත්සාහ ගත් පාලකයෙක් වූ අතර, හිටපු හමුදා පාලකයෙකු මුෂාරෆ් ප්‍රතිවිරුද්ධ අදහස් පල කළ කෙනෙක් විය. ත්‍රස්තවාදීන් සමග සංවාද පැවැත්වීමේන් ඉම්රාන් ඛාන් අදහස් කරන ලද්දේ TTP වැනි සංවිධාන විසින් පාලනය ගෙනයන ගෝත්‍රික ප්‍රදේශවල මෙම සංවිධානවලට සම්බන්ධ 30000 – 40000 අතර ස්ත්‍රී සහ ළමා පිරිස පුනරුත්ථාපනය කොට ඔවුන්ට මරණය හෝ සාමකාමී ජීවිතයක් යන දෙකෙන් එකක් තෝරා ගැනීමට ඉඩ සලසා දීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart