
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොවැම්බර් 21 වනදා ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහුගේ අවසන් ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බව ප්‍රවීන බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.
ඊට හේතුව එම තරගය බංග්ලාදේශයේ ඩකා හි මීර්පූර් හි ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බැවිනි.
ටෙස්ට් තරගය ආරම්භ වී දින හතරකටත් අඩු කාලයක් ඉතිරිව ඇති අතර, 37 හැවිරිදි ෂකීබ්ට සිය රට බලා යෑමට සැලසුම් කිරීම පිළිබඳව ප්‍රශ්න මතුව තිබේ.
ෂකීබ්ගේ අවසන් ටෙස්ට් තරගය සිය මව්බිමේදී පැවැත්වීම විරෝධතාවලට තුඩු දිය හැකි බව අනාවරණය වී ඇත.
අවාමි ලීග් පරිපාලනයට එරෙහි ශිෂ්‍ය නැගිටීම මධ්‍යයේ නැවත බංග්ලාදේශයට යෑම පිළිබඳව ෂකීබ් මීට පෙර සිය විරෝධය පළ කළේය.
ඔහු පසුගිය වකවානුවේ රටේ පාලක පක්ෂය සමග දේශපාලනයට සම්බන්ධවූ බැවින් රට තුළ ඔහුට දේශපාලනික විරෝධයක් ඉස්මතුව ඇත.
එමනිසා ඔහු නැවත බංග්ලාදේශයට පැමිණෙන බවට දැනට සහතිකයක් නොමැත.
විරෝධතා අතරතුර, මිනීමැරුම් නඩුවකට සම්බන්ධ බවට ෂකීබ්ට ද චෝදනා එල්ල විය.
ඔහුට නැවත බංග්ලාදේශයට පැමිණීමට වත්මන් පාලනය විසින් ආරක්ෂිත මාර්ගයක් ලබාදෙන බවට පොරොන්දු වූ නමුත් කටකතා පවසන්නේ විරෝධතා යළිත් ඇවිළී ඇති බවයි.
පසුගියදා චෙන්නායි හි පැවති ඉන්දීය ටෙස්ට් තරගයෙන් අනතුරුව ෂකීබ් සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට කැමැත්ත පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart