
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හමාස් සංවිධානයේ නායකයා වන යාහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය අද තහවුරු කර ඇත.
ඊශ්‍රායලයේ විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඒ බව තහවුරු කළ බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
හමාස් සංවිධානයේ නායකයාව ඊශ්‍රායල සොල්දාදුවන් විසින් ඝාතනය කරන ලද බව ඔහු පවසා තිබේ.
ඉකුත් වසරේ ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන්නේ ද යාහ්යා සින්වාර් වේ.
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වී ගිය ගොඩනැගිලි සුන්බුන් අතර ඇති සින්වාර් ගේ බවට සැකකෙරෙන මළසිරුරක ඡායාරූප ද ඇතැම් විදෙස් ජනමාධ්‍ය පළකර ඇත.
ඒ අසල අවි රැගත් ඊශ්‍රායලය සොල්දාදුවන් සිටින අයුරු ද නිරූපණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart