
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කළේ, වරක් තමාට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක අල්ලසක් ලබාදීමට ඉදිරිපත් වූ බවත්, තමන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ එය කඩිනමින් ප්‍රතික්ෂේප කළ බවත්ය.
හිටපු ජනාධිපතිනිය මේ බව කියාසිටියේ කොළඹ පැවැති වරලත් ගණකාධිකාරීවරුන්ගේ 45 වැනි ජාතික සමුළුවේදී, ශ්‍රී ලංකාවේ ඉහවහා ගොස් ඇති දූෂණය පිළිබඳව අදහස් දක්වමිනි.
“එය මට සිදුවී තිබෙනවා. පාර්ලිමේන්තුවේ මගේ මේසයට ඩොලර් මිලියන පහක් ගෙනාවා. එතකොටත් මම අගමැති. මම කිව්වා ඒක අරන් එළියට යන්න කියලා. ඒක ගෙනාවේ මගේ ආණ්ඩුවේ කනිෂ්ඨ ඇමැතිවරියකගේ සැමියා. මම කිව්වා ඔයාව අත්අඩංගුවට ගන්නවා, දැන්ම මේකෙන් අයින් වෙන්න කියලා” හිටපු ජනාධිපතිනිය පැවැසුවේ මෙම පුද්ගලයා සිංගප්පූරු ව්‍යාපාරිකයකු සමඟ සිටි බවයි.
කුඩා කල සිටම සාරධර්ම හැඩගස්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ හිටපු ජනාධිපතිවරිය, දූෂණයට හුරු වූ වැඩිහිටියන්ගේ මනස වෙනස් කිරීමට නොහැකි විය හැකි බව ප්‍රකාශ කළාය.
“ඕන තරම් හොරකම් කරපල්ලා. අහුවෙන්න විතරක් එපා” යනුවෙන් පැවසූ ජනාධිපතිවරුන්ද මෙරට සිටි බව හිටපු ජනාධිපතිනිය එහිදී සිහිපත් කළාය.
අදාළ ජනාධිපතිවරයා එවකට ඔහුගේ කැබිනට් මණ්ඩලයට, ඔහු තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එලෙස උපදෙස් ලබාදුන් බවද ඇය සඳහන් කළාය.
“හැමෝම හොරකම් කළා. කවුරුත් අත්අඩංගුවට ගත්තේ නැහැ. මේ ක්‍රමය නිසා තමයි අපේ රට අනාත වෙලා තියෙන්නේ” ඇය වැඩිදුරටත් පැවසුවාය.
ව්‍යාපාරිකයන් විසින් සිය ව්‍යාපෘති ලබාගැනීම ගැනීම සඳහා අල්ලස් දිය හැකි අතර, පුලුල්ව පැතිරුනු දූෂණය අවසානයේ රටේ බංකොලොත්භාවයට හේතු වන බවට ඇය අනතුරු ඇඟවීය.
“ඔබට නොතේරෙන දෙය නම්, හරි, ඔබට එම ව්‍යාපෘතිය වරක් හෝ දෙවරක් ලබා ගත හැකියි. නමුත් ඒක මුළු රටේම පුරුද්දක් වුණාම රට බංකොලොත් වෙනවා.” ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart