
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් හය දෙනෙකු රටින් පිටුවහල් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඒ අනුව 2024 ඔක්තෝබර් 19 සෙනසුරාදා රාත්‍රී 11:59ට හෝ ඊට පෙර ඉන්දියාවෙන් පිටව යන ලෙස ඔවුන්ට දන්වා ඇති බවයි.
මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වන්නේ ඉන්දියාවේ වැඩබලන මහ කොමසාරිස් ස්ටුවර්ට් රොස් වීලර්, නියෝජ්‍ය මහ කොමසාරිස් පැට්‍රික් හෙබට්, පළමු ලේකම් මාරි කැතරින් ජොලි, පළමු ලේකම් ලන් රෝස් ඩේවිඩ් , පළමු ලේකම් ඇඩම් ජේම්ස් චුප්කා සහ පළමු ලේකම් පෝලා ඔර්ජුයෙලා යන පිරිසයි.
මීට පෙර, ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් විසින් කැනේඩියානු භාරකාර නිලධාරියා කැඳවනු ලැබ තිබිණි.
කැනඩාවේ ඉන්දීය මහ කොමසාරිස් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පදනම් විරහිතව ඉලක්ක කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව එහිදී ඔහුට දන්වා තිබිණි.
අන්තවාදයේ සහ ප්‍රචණ්ඩත්වයේ වාතාවරණයක් තුළ, ටෘඩෝ රජයේ ක්‍රියාවන් ඔවුන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළන බව ද අවධාරණය කර තිබිණි.
“ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට වත්මන් කැනේඩියානු රජය දක්වන කැපවීම පිළිබඳ අපට විශ්වාසයක් නැත. එම නිසා මහ කොමසාරිස්වරයා ඇතුළු ඉලක්ක කරගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ නිලධාරීන් ඉවත් කර ගැනීමට ඉන්දීය රජය තීරණය කර ඇත.” යනුවෙන් ඉන්දියාව ප්‍රකාශ කර තිබිණි.
ඉන්දියාවට එරෙහි අන්තවාදය, ප්‍රචණ්ඩත්වය සහ බෙදුම්වාදය සඳහා ටෘඩෝ රජය දක්වන සහයෝගයට ප්‍රතිචාර වශයෙන් ඉදිරි පියවර ගැනීමට ඉන්දියාවට අයිතියක් ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart