
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති හරිණි අමරසුරිය අත්අඩංගුවට ගතහැකි මට්ටමේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින බව ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අනාවරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින අත්තනෝමතිකව කටයුතු කරන බව කියන නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් සිදුකිරීම දෙපාර්තමේන්තුවටම පැමිණි අවස්ථාවේ ජනමාධ්‍ය අමතමින් තරිඳු ජයවර්ධන මේ බව සඳහන් කළේය.
ආණ්ඩුව, පොලිස්පතිවරයා සහ වගකිවයුතු අංශ කිසිවක් නොදැන රටේ විමර්ශන යටයෑම්, කුමන්ත්‍රණ සිදුවීම් වාර්තාවන බවද හෙතෙම පැවැසීය.
පාස්කු ප්‍රහාරය වැනි අපරාධ සම්බන්ධයෙන් ස්වාධින ලෙස විමර්ශනය කිරීමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවක් පවතින්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දේශපාලන පත්වීම් ලද නිලධාරීන් වහාම මාරුකර යැවිය යුතු බවද ඔහු වැඩිදුරටත් සන්ධාන කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart