
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින් ඔවුන්ගේ ජාතික ලැයිස්තුවට නම්කර ඇත.
සමාජ ක්‍රියාකාරිකයකු වන සුගත් වසන්ත ද සිල්වා පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සහාය පළකළේය.
පහතින් දැක්වෙන්නේ ලේඛක ලියනගේ අමරකීර්ති ඔහු වෙනුවෙන් තබා තිබූ සටහනකි.
“මගෙ බැචා සුගත් වසන්ත මාලිමාවේ ජාතික ලැයිස්තුවට අත්සන් කරමින්.
දෑස් නොපෙනෙන ඔහු මේ සැරේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින සමහර ආචාර්ය මහාචාර්යවරුන්ටත් වඩා පොතපත කියවන හොඳ සාහිත්‍ය රසිකයෙක්.
තියුණු චින්තකයෙක්.
දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශාල සේවයක් කළ කෙනෙක්.
විශේෂ හැකියාවන් ඇති අයද ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම ගැන මාලිමා නායකත්වයට ස්තුතියි.
1990දී පළමු වසර බැච් ට්‍රිප් එකේදි අපි සුගත්ව හන්තාන මුදුනටම එක්ක ගියා.
එදා ඔහුගෙ අතින් අල්ලාගෙන කන්ද නැග්ග එක්කෙනෙක් මම.
මේ සැරේ ඔහු පාර්ලිමේන්තුවට එක්ක යමු! එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඓතිහාසික ආදර්ශයක් දිය හැකි අවස්ථාවක්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart