
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට අද (10) උපදෙස් ලබාදුන්නේය.
ඒ අනුව අක්කර පහකට නොවැඩී ඉඩම් මෙලෙස ලබාදීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබාදුන්නේ අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් හමු වූ අවස්ථාවේදීය.
විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart