
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය විශිෂ්ඨ ලෙස ජයගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත්විය.
ඒ, ඉනිමකින සහ ලකුණු 154කින් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත්කරමිනි.
ඒ අනුව තරග 2කින් යුත් ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
මෙම තරගයේදී දෙරට අතර තරග ඉතිහාසයේ වාර්තා කිහිපයක් අලුත් වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ඩුලු 5ක් දැවි ලකුණු 602ක් රැස්කර ගත් අතර, එය ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය.
එසේම පළමු ඉනිමේදී නවසීලන්තය ලකුණු 88කට දැවීගිය අතර, එය නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ඉනිමකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද විය.
එසේම සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නිෂාන් පිරීස් කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.
ඔහු වාර්තා අතරට එක් වුණේ මංගල ටෙස්ට් තරගයේ කඩුලු 5ක් දවා ගත් 7වැනි ක්‍රිඩකයා ලෙසටය.
මෙම තරගාවලි ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානයට පැමිණීමටද සමත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart