
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයන් 37 දෙනා සහ ඔවුන්ගේ බෝට්ටු හැකි ඉක්මණින් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි එරට විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සැප්තැම්බර් 21 වැනි දින සිදුව ඇති මෙම අත්අඩංගුවට ගැනීම ගැන සඳහන් කරමින් ගාන්ධි කියා ප්‍රකාශ කර ඇත්තේ කුඩා පරිමාණ ධීවරයන් වන ඔවුන් අන්තර්ජාතික සමුද්‍ර සීමාව තරණය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුරට පත් ශ්‍රී ලංකා බෝට්ටුවක් බේරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවකදී බවයි.
“2024 සැප්තැම්බර් 21 වැනි දින දෙමළ ධීවරයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගේ බෝට්ටු ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම ලිපිය ඔබ වෙත එවමි. මයිලඩුතුරෙයි පාර්ලිමේන්තු කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සුධා මට දන්වා සිටියේ අත්අඩංගුවට ගත් ධීවරයන් වෙරළ ආසන්නයේ ක්‍රියාත්මක වන සුළු පරිමාණ ධීවරයන් බවත්, සිද්ධිය වූ දින ඔවුන් විපතට පත් ශ්‍රී ලාංකික බෝට්ටුවක් බේරා ගැනීමට උත්සාහ කළ බවත්ය,” යනුවෙන් රාහුල් ගාන්ධි එම ලිපියේ සඳහන් කර ඇත.
ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් රඳවා තබා ගැනීම, වත්කම් අත්පත් කර ගැනීම් සහ අධික දඩ මුදල් අය කිරීම වැනි සිදුවීම් නිතර සිදුවන බව ගාන්ධි එම ලිපියේ සඳහන් කර ඇත.
ඔහු මෙම ක්‍රියා හෙළාදකින අතර එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.
“මෙම කාරණය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාරුණිකව විමසා ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු කඩිනමින් නිදහස් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි,” යැයි
ගාන්ධි ජයිශංකර් වෙත යොමු කළ ලිපියේ සඳහන් කළේය.
තමිල්නාඩු ප්‍රධාන ඇමැති එම්කේ ස්ටාලින් මීට පෙර මෙම අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ජයිශංකර්ට දැනුම් දී ඇති අතර ධීවරයන් නිදහස් කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේය.
ජයිශංකර් මේ වන විට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා එක්සත් ජනපදයට ගොස් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart