
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ අනුර කුමාර දිසානායකට උණුසුම් සුබ පැතුම් පිරිනමමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා සහාය වීමට ලෝක බැංකු සමූහය සිය කැපවීම ප්‍රකාශ කර තිබේ.
ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් සහ අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ ආසියා පැසිෆික් කලාපයේ උප සභාපති රිකාඩෝ පුලිටි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත.
රටේ ආර්ථිකය යළි පිහිටුවීම සඳහා රාජ්‍යයේ අඛණ්ඩ අවධානය අවශ්‍ය බව පිළිගන්නා අතරම, ‘වර්ධනය, සෞභාග්‍යය සහ සංවර්ධනය සඳහා ඇති අවස්ථා සමානව වැදගත්’ බව එම ලිපියේ සඳහන් කර තිබේ.
රටේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනගහනයේ අවශ්‍යතා නව නායකත්වයේ පරිපාලනය යටතේ සපුරාලීමට සහ පෝෂණය කිරීමට ලෝක බැංකු සමූහයේ කැපවීම ද ලිපිය මගින් තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart