
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම ජනාධිපති බලතල යොදා ගනිමින් මෙරට සිරගෙවල්වල වෙසෙන සියලුම ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට නියෝග කර අලුත් ආරම්භයක් ලබා දෙන ලෙස ඉන්දීය කොංග්‍රස් මන්ත්‍රී ආර් සුධා අභිනව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගිය මැතිවරණයේ දී මයිලඩුතුරෙයි මැතිවරණ කොට්ඨාසයෙන් තේරී පත් වූ ඇය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට නව දිශානතියක් ලබා දීම සම්බන්ධයෙන් වන ජනාධිපතිවරයාගේ ප්‍රකාශිත අරමුණට එවැනි ක්‍රියාවක් විශාල ශක්තියක් එකතු කරනු ඇති බවයි.
දිසානායක වෙත ලිපියක් යවමින් ඉන්දීය මන්ත්‍රීවරිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ධීවරයන් නිදහස් කර ඔවුන්ගේ සියලුම බෝට්ටු හැකි ඉක්මණින් භාවිතයට ගත හැකි තත්ත්වයට පත්කර දෙන ලෙසයි.
මයිලඩුතුරෙයි මැතිවරණ කොට්ඨාසයේ ධීවරයන් 37 දෙනා නිදහස් කිරීමෙන් ප්‍රකාශිත අරමුණට හොඳ ආරම්භයක් ගත හැකි බවත්, තවත් ධීවරයන් 80ක් සහ ධීවර බෝට්ටු 173ක් ශ්‍රී ලංකා භාරයේ පවතින බවත් ඇය සඳහන් කර ඇත.
“පකිස්ථානය වැනි සටන්කාමී අසල්වැසියකු ඇතුළු රටවල් කිහිපයක් සමඟ ඉන්දියාව සමුද්‍ර සීමාවන් බෙදා ගන්නවා. නමුත් ශ්‍රී ලංකාව මෙන් කිසිඳු අසල්වැසි රටක් ධීවරයන් අත්අඩංගුවට ගැනීම්, දඩ මුදල් අය කිරීම, හානි කිරීම සහ පහර දීම නිතිපතා සිදු කරන්නේ නැහැ. කලාපයේ ඉවසීම සහ සාමය පරීක්ෂා කරමින් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් නිරන්තරයෙන් ප්‍රකෝප කිරීම් සිදුවනවා. බෙංගාල බොක්ක වැනි පොදු මුහුදේ මසුන් ඇල්ලීම නිසා ධීවරයන් අපරාධකරුවන් ලෙස සැළකිව වුතු නැහැ.” යනුවෙන් සුධා ප්‍රකාශ කර ඇත.
එවැනි දේ අතීතයේ සිදු වූවක් බව පවසන් ඇය පෙන්වා දෙන්නේ දැන් නායකත්වයේ සිටින්නේ අනුර කුමාර දිසානායක බැවින් නැවුම් ආරම්භයක්, නව දැක්මක් සඳහා ස්වෛරී ජනාධිපති බලතල භාවිත කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart