
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුවිශේෂී සමාජ මාධ්‍ය කඩඉමක් පසුකරමින් සිය ෆේස්බුක් ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවූ 6 වැනි ශ්‍රී ලාංකික දේශපාලනඥයා බවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්ව තිබේ.
ඒ අනුව ඔහු හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ රන්ජන් රාමනායක සමඟ අනුගාමිකයන් මිලියනයේ සමාජයට එක්වෙයි.
වැඩිම ෆේස්බුක් අනුගාමිකයන් සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලාංකික දේශපාලනඥයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර එය මිලියන 1. 4කි.
ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ අනුගාමිකයන් මිලියන 1.3ක් සමඟින් දෙවැනි ස්ථානයේ සිටී.
රන්ජන් රාමනායකගේ ෆේස්බුක් අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 1.2ක් වන අතර මෛත්‍රීපාල සිරිසේනගේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 1.1ක් වේ.
ගෝඨාභය රාජපක්ෂට සිටින්නේ අනුගාමිකයන් මිලියන1ක් වන අතර දැන් අනුර කුමාර දිසානායකගේ අනුගාමිකයන් ගණන ද මිලියන් 1ක් ලෙස සටහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart