
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක හමුවිය.
ඉන්දීය නායකත්වයේ පණිවිඩයක් ද සමගින්, මෙම හමුවීම සිදුව තිබේ.
“මහකොමසාරිස් සන්තෝෂ් ජා, ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර දිසානායක හමුවිය. ඉන්දියාවේ නායකත්වයෙන් සුබපැතුම් ප්‍රකාශ කළ අතර ජනවරම ජයග්‍රහණය කිරීම පිළිබඳව ඔහුට සුබ පැතීය. ඉන්දු-ශ්‍රී ලංකා ශිෂ්ටාචාර නිවුන් දරුවන් ලෙස, අප දෙරටේ ජනතාවගේ සමෘද්ධිය සඳහා සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට කැපවී සිටියි” යනුවෙන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියි.
මේ අතර තේරීපත්වූ නව ජනාධිපති අනුර දිසානායකට ජපාන තානාපතිවරයාද සුබපැතුම් එක්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart