
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණයට අදාළ පෙරහුරුවක් අද දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව නිලධාරීන් ඡන්ද ඒ ඒ මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් පසු අදාළ පෙරහුරු පැවැත්වීමට සැලසුම් කර තිබේ.
හෙට දිනයේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත සිහි කැඳවීම එහි අරමුණ බව පැවසේ.
2024 ජනාධිපතිවරණයට අදාළ රාජකාරී සඳහා අදාළ කාර්ය මණ්ඩලය පිටත්ව යෑම සහ ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ සිට ආරම්භ කර තිබිණි.
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළේ දැඩි පොලිස් ආරක්ෂාව යටතේ අද (20) පෙරවරු 7.00ට ඡන්ද පෙට්ටි බෙදා හැරීම ආරම්භ කළ බවයි.
අද දහවල් 12 පමණ වන විට අදාළ නිලධාරීන් සිය ඡන්ද මධ්‍යස්ථාන වෙත ළඟා වීමට නියමිතව තිබිණි.
2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම හෙට (21) පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතය.
දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද දායකයන් 17,140,354 දෙනෙක් ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුස්දුකම් ලබා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart