
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වේදිකාවෙන් බැස යනතුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී විජේරත්න ඊයේ (16) දඹුල්ලේ පැවැති සමගි ජන බලවේගයේ රැලියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කළාය.
හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා මෙම සමඟි ජන බලවේගයේ රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ රුව සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදාදී ඔහු ද එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසා, ඊට උරණ වූ ඇය ලක්ෂ්මන් වසන්ත පෙරේරා හිටපු රාජ්‍ය ඇමැතිවරයා වේදිකාවෙන් බැස පිටව යනතුරු තමන් වේදිකාවට ගොඩ නොවන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිටියාය.
ඇයගේ පාක්ෂිකයන්ද ඇය සමඟින් එම ස්ථානවල රැඳීසිටිනු දැක ගැනීමට හැකිවිය.
පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබිණි.
ඒ අනුව රෝහිණී විජේරත්න සජිත් ප්‍රේමදාස සමග වේදිකාවට නැග ඉදිරි පෙළ අසුනේ වාඩි වී සිටිනු දැකගැනීමට හැකිවිය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියාසිටියේ සජිත් ප්‍රේමදාස එතනෝල් කාරයන්ට, මත්පැන් අලෙවිකරුවන්ට, තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කර තිබුණු බවය.
එහෙත් “එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කලයට ගොම බින්දුවක්” නොදමන්නැයි ඇය එහිදී ඉල්ලා සිටියාය.
පසුව වේදිකාවෙන් බැස පිටව යන අවස්ථාවේදී ලක්ෂමන් වසන්ත පෙරේරා නිසා වේදිකාව වර්ජනය කළේ දැයි ජනමාධ්‍යවේදීන් රෝහිණී විජේරත්නගෙන් විමසීමේදී ඇය කියාසිටියේ, එසේ කරන්නට සිදු වූයේ සුදුසු නැති පුද්ගලයන් සමග එකට සිටීම සුදුසු නැති නිසා බවය.
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ නුසුදුසු පුද්ගලයන් සමඟ වාසය නොකරන ලෙස බවකි. ඒ අනුව තමන් ද එසේ කළ බව සඳහන් කළාය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart