
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හින්දි භාෂා පාඨමාලාව සාර්ථකව නිම කළ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 30 දෙනෙකුට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය උපහාර පිරිනමා තිබේ.
ඒ, පසුගිය සතියේ 13 වැනි දිනට යෙදී තිබුණු හින්දි දිනයට සමගාමීව සංවිධාන කළ විශේෂ උත්සවයේදීය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් එම පොලිස් නිලධාරීන් කණ්ඩායම කථන හින්දි භාෂාව ඉගෙන ගැනීමට දැක්වූ කැපවීම අගය කරනු ලැබීය.
හින්දි භාෂාව සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහය අගයමින් මධ්‍යස්ථානයේ වාර්ෂික හින්දි ප්රකාශනය වන “ශ්‍රී ලංකා හින්දි සමචාර්” ද මෙම උත්සවයේදී එළිදක්වන ලදී.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක සහ එස්.සී.මැදවත්ත, ජාතික පොලිස් විද්‍යාපීඨයේ විධායක අධ්යක්ෂ ජාලිය සේනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ.
හින්දි පුහුණුව තුළින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් අතර සන්නිවේදන කුසලතා ඉහළ නැංවීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය දක්වන සහායට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක සිය දේශනයේදී කෘතඥතාව පළ කළේය.
හින්දි දිනය 2024 මගින් හින්දි භාෂාව ඉන්දියාවේ නිල භාෂාවක් ලෙස පිළිගැනීමේ 75 වැනි සංවත්සරය සමරයි.
හින්දි භාෂාවේ ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විවිධ සිදුවීම් සහ තරඟ සමඟින් මෙම දිනය ඉන්දියාවේ සහ අන්තර්ජාතික වශයෙන් සමරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart