
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීම සඳහා සමගි ජන බලවේගය විසින් බෙදාහරින ලද අත් පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ පුද්ගලයකුට නාවලපිටිය සජබ සංවිධායක සසංග සම්පත් සංජීව විසින් තර්ජනය කර පහර දී ඇතැයි කියනු ලැබේ.
සිද්ධිය සිදුවූ නාවලපිටිය නගරයේ ඔරලෝසු අලුත්වැඩියා කිරීමේ වෙළඳසැලේ CCTV කැමරා පද්ධතියේ මෙම සිද්ධිය පටිගත වී ඇත.
මෙම වෙළඳසැල පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ පියා විසින් පවත්වාගෙන යන බව පැවැසේ.
ඉරිදා (15) පෙරවරුවේ වෙළඳසැලට පැමිණි සජබ සංවිධායක සසංක සම්පත් සංජීව සහ ආධාරකරුවන් පිරිසක් ලබාදුන් අත් පත්‍රිකාව පිළිගැනීම තරුණයා ප්‍රතික්ෂේප කර ඇත.
මැතිවරණයෙන් පසු ඒ ගැන බලාගන්නා බවට ඔවුන් තරුණයාට තර්ජනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
තුවාල ලැබූ පුද්ගලයා නාවලපිටිය මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ අනාගත ආරක්ෂාව සඳහා රෝහල් පොලිස් මුරපොළට පැමිණිලි කර ඇති බව ඔහු සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart