
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතාවගේ ජීවන බර ලිහිල් කිරීම තම මූලික අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් ගිවිසුම් ආරක්ෂා කරමින් ඒවා සමඟ ඉදිරියට යෑමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
සජිත් ප්‍රේමදාසගේ සහ අනුර දිසානායකගේ ප්‍රකාශවලට අසත්‍ය බවත්, මෙම ගිවිසුම් වෙනස් කිරීම කිසිසේත් කළ නොහැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
සජිත්ගේ සහ අනුරගේ යෝජනාවලට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අනුමැතිය නොමැති බවද ජනාධිපති වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
එසේම ඔවුන් දෙදෙනාට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙන්නේ නැති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහාය වත්මන් ආණ්ඩුවේ වැඩපිලිවෙලට තදින්ම පවතින බවද ඔහු පෙන්වාදුන්නේය.
IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ආරක්ෂා කිරීම රටේ අනාගත ප්‍රගතිය සඳහා ඉතා වැදගත් බව IMF හි සන්නිවේදන අධ්යක්ෂ Julie Kozak නිල වශයෙන් තහවුරු කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති වික්‍රමසිංහ මේ අදහස් පළ කළේ ඊයේ (15) පස්වරුවේ හොරණ මහජන ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” රැළිය අමතමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart