
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළැඹෙන ජනාධිපතිවරණයට පෙර සුපරීක්ෂාකාරී වන ලෙස සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව සඳහා වන සිය සංචාරක උපදේශන යාවත්කාලීන කර ඇත.
2024 සැප්තැම්බර් 21 දිනට නියමිත මැතිවරණයට පෙර, අතරතුර හෝ පසුව පෙළපාලි ඇතිවිය හැකි බව එම උපදේශනය සටහන් කරයි.
ඇතැම් අවස්ථාවලදී විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිතා කර ඇති බවට ප්‍රකාශය අනතුරු අඟවන අතර, තත්වයන් ඉක්මණින් ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින්, සාමකාමී රැස්වීම්වලින් පවා වැළකී සිටින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ට උපදෙස් දෙනු ලැබේ.
මීට අමතරව, සංචාරකයන්ට විශේෂයෙන් සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථානවල සුපරීක්ෂාකාරීව සිටීමට උපදෙස් ලබාදී ඇත.
“රජයේ ආයතනවල උපදෙස් පිළිපදින්න, යාවත්කාලීනවීම් සඳහා දේශීය ජනමාධ්‍ය නිරීක්ෂණය කරන්න. එසේම සෙනඟ සහ පෙළපාලි පවතින ස්ථාන මගහැරීමට හැකි පරිදි සංචාරය සැලසුම් කරන්න.” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart