
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන වියළි කහ කිලෝග්රෑම් 470ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
පුත්තලම සේරක්කුලිය වෙරළ ප්රදේශයේ නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාගර්යෙන් මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන මෙම වියළි කහ කිලෝග්රෑම් හාරසිය හැත්තෑවක පමණ තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මුහුදු මාගර් ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්රියාකාරී යාත්රා බලඝණය විසින් පුත්තලම සේරක්කුලිය වෙරළ ප්රදේශයේ මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.
එහිදී වෙරළ ප්රදේශයේ ළඳු කැළෑවක සඟවා තිබූ උර 14ක අසුරන ලද වියළි කහ කිලෝ ග්රෑම් හාරසිය හැත්තෑවක පමණ තොගය සොයා ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart