
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගංජා ළඟ තබාගෙන සිටියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ වික්‍රමාරච්චි රෝහලේ ආයුර්වේද වෛද්‍යවරයෙක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියට භාර දී තිබේ.
මේ අතර, ගම්පහ වික්‍රමාරච්චි රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවයේ නියුතු තම සැමියා පෙරේදා (3) සවස සිට අතුරුදන්ව සිටින බවට ඔහුගේ බිරිය යක්කල පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි.
ආයුර්වේද වෛද්‍යවරයකු වන තම සැමියා පෙරේදා සවස තම යතුරු පැදියේ දෝෂයක් සාදාගැනීමට ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ගරාජයකට යන බව පවසා නිවෙසින් පිටත්ව ගියත් යළි නොපැමිණි බව කියමින්, ඊයේ ( 4 ) යක්කල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.
ඇය මෙම පැමිණිල්ල කර ඇත්තේ, සැමියා පොලිස් අත්අඩංගුවට ගත් බව නොදැන බවට පසුව හෙළි වී ඇති අතර, මොහු පදවාගෙන ගියේ යැයි කියන යතුරු පැදිය ඉඹුල්ගොඩ ප්‍රදේශයේ තිබී සිය භාරයට ගත් බව පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart