
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිරිදගේ සිරුරට පෙට්රල් වක්කර ගිනිතබා ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බව වෙන්නපුව මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ, වෙන්නප්පුව,වයික්කාල සින්දාත්රිය ප්රදේශයේ 37 හැවිරිදි ටී. ආර්. සුසිලා නමැත්තියකි.
මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා වන කුලී වැඩ කර ජීවිකාව ගෙන යන අවුරුදු 43 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
අඹුසැමියන් දෙදෙනා නිවෙසේ සිටිය දී ඇතිවූ ආරවුලකින් පසු මෙවැන්නක් සිදුකර තිබෙන බවත් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටි බිරිය ප්රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart