August 3, 2024

කොළඹ නගරය තුළ රථ වාහන නවතා තැබීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හරහා මුදල් එකතු කිරීමේ වගකීම දරන සමාගම කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු රුපියල් මිලියන 90ක මුදලක් ගෙවීම පැහැරහැර ඇතැයි වාර්තා වේ.

වාර්තා වන අන්දමට මෙම මුදල් නොගෙවීම හේතුවෙන් කොන්ත්‍රාත්තුව අත්හිටුවා නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

එසේම ඉදිරි වසර ඇතුළත නව විද්‍යුත් පද්ධතියක් හඳුන්වාදීමට නගර සභාව බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.