
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාර්ය සාධන දර්ශකයක් අනුව වැටුප් විෂමතාවයක් ඇතිවන අයුරින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සේවක වැටුප් මැතිවරණ සමයේ වැටුප් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග වාර්තා කරයි.
වරලත් කළමනාකරණ ආයතනය හරහා උපදේශන සේවා ලබාගනිමින් විධායක A ශ්‍රේණිය 35%, B ශ්‍රේණිය 25% ,C ශ්‍රේණිය සඳහා 20% අඩු ප්‍රතිශතයකින් වැටුප් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
සංස්ථාව බිලියන 120ක පමණ ලාභයක් පසුගිය වසරේ ලැබූවද සේවකයන්ට වාර්ෂික ප්‍රසාද දීමනාව හෝ ලබාදීමක් සිදු නොකෙරිණි.
දැනට වැටුප් වැඩිවීමට සාපේක්ෂව රුපියල් දහසක දීමනාවක් ආයතන දෙකෙහිම සේවකයන්ට පසුගිය අප්‍රේල් මාසයේ සිට ලබා දී ඇති බව ද වාර්තා වේ.
මැතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසු වැඩි වැටුප් ලබාගැනීමේ අරමුණින් තෙල් සංස්ථාවේ සහ ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාරවරුන් කටයුතු කරමින් සිටින බව වෘත්තීය සමිති නියෝජිතයෙක් ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග තෙල් ගබඩා පර්යන්ත සමාගමේ ඇතැම් කටයුතුවලට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් සඳුදා දින පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබිණි.
ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් වාර්තාවක් ද කැඳවා ඇති පසුබිමක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්ට සහ කළමනාකාරවරුන්ට වැඩි වැටුප් ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නංවා ගැනීමට කටයුතු කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart