
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බළන්ගොඩ නගරයේදී පෙරේදා (01) සවස යතුරුපැදියක් අනතුරට ලක්කර සත්හැවිරිදි දැරියකට තුවාල සිදු කර පළාගිය ලොරි රථයක් පිටුපස එම දැරියගේ පියා යතුරුපැදියෙන් ලුහුබැඳ ගොස් එම ලොරි රථයේ රියැදුරු අසුන පැත්තේ ඇති වීදුරුවේ එල්ලී රියැදුරු අල්ලා ගැනීමට උත්සාහ කර තිබෙන අතර, එහිදී ලොරි රථයේ රියැදුරු විසින් නැවතත් ලොරි රථය ඉදිරියට ධාවනය කර බළන්ගොඩ කහටපිටිය මාර්ගයේදී විදුලි කණුවක හප්පා එම පියාව ඝාතනය කර පළාගොස් ඇති බව බළන්ගොඩ පොලිසිය පැවසීය.
පල්ලෙබැද්ද, අමිබැවිල ප්‍රදේශයේ පදිංචිව සිටි වයි.ඒ. තිලිණ රංගලාල් නමැති 32 හැවිරිදි පියකු මෙලෙස මරණයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
මෙම දැරිය බල්ලකු විසින් සපාකන ලදුව පියා සහ මව සමඟ යතුරුපැදියෙන් බළන්ගොඩ මූලික රෝහලට පැමිණ එන්නත් ලබාගෙන නැවත අමිබැවිල ප්‍රදේශය දක්වා යතුරුපැදියෙන් ගමන් කර ඇත.
එහිදී නෙල්ලි මිලදී ගැනීම සඳහා බළන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ හරහා යතුරුපැදිය ධාවන කර ඇති අතර, එහිදී පැමිණි ලොරි රථයක් යතුරුපැදියේ හප්පා තිබෙන බවත්, එම අනතුරින් 7 හැවිරිදි දැරියට තුවාල සිදුකර ලොරි රථය පළාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
එම අවස්ථාවේදී දරුවා බළන්ගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කරන මෙන් මරණකරු බිරියට පවසා පළාගිය ලොරි රථය පිටුපස යතුරුපැදියෙන් කිලෝමීටර් කිහිපයක් ලුහුබැඳ ගොස් ලොරි රථය ඉදිරියෙන් යතුරුපැදිය නතර කර රියැදුරු අල්ලාගැනීම සඳහා ලොරි රථයේ රියැදුරු ආසනය පැත්තේ ඇති වීදුරුවේ සහ දොරේ එල්ලී තිබේ.
එහිදී ලොරි රථය ඉදිරියට ධාවනය කර විදුලි කණුවක හප්පා තිබෙන අතර, එහිදී බරපතළ තුවාල ලබා සිටි ඔහු ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කිරීමට කටයුතු කළද ඒ වන විටත් මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
පසුව ලොරි රථය නැවතත් පළාගොස් තිබේ.
අනතුර සිදු කළ ස්ථානයට ගොස් බළන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කරන ලද අතර, බළන්ගොඩ මූලික රෝහලට ද ගොස් සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ (02) පෙරවරුවේ සිදුකළාය.
පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු ලවා සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසිය වෙත නියෝග කළාය.
අනතුරින් තුවාල ලැබූ දැරිය බළන්ගොඩ මූලික රෝහලේ පළමු වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart