
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂණයක් උපුටා දක්වමින් ‘ලංකාදීපය’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව රජයේ බුද්ධි අංශ පසුගිය දිනවල ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රහසිගතව ගෙයින් ගෙට ගොස් කර ඇති සමීක්ෂණවලදී මේ කරුණු අනාවරණය වී තිබේ.
බොහෝ පිරිස් ඉදිරි ජනාධිපතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා තෝරාගන්නේ අවසාන සති කිහිපයේදී බවද එහිදී තොරතුරු හෙළිදරව් වී ඇත.
ඒ වන විට රටේ පවතින දේශපාලන තත්ත්වය, අපේක්ෂකයන්ගේ ජනප්රියභාවය, රට ගොඩනැගීමට ඇති හැකියාව යනාදී කරුණු සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය අපේක්ෂකයා තෝරාගන්නා බව එම සමීක්ෂණයට ලක් වූ පිරිසෙන් සියයට තිහකට වැඩි පිරිසක් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
තරුණ තරුණියන් ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් විදේශගතව සිටින අතර ඉන් වැඩි පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදානොවෙනු ඇතැයි දැනගන්නට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart