
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ඔන්ලයින් වීසා’ (Online Visa) නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ ‘ඔන්ලයින් වීසා’ නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත්, අධිකරණ නියෝගයට ගරුකරමින් ඒ අනුව කටයුතු කළ යුතු බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අද (2) පස්වරුවේ ‘ලංකාදීප’ වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය නොලැබීම නිසා ඉදිරි ක්‍රියමාර්ග පිළිබඳව නිෂ්චිතව කිවනොහැකි බව පවසන හර්ෂ ඉලුක්පිටිය, මෙම තත්වය පිළිබඳව විෂය භාර ඇමැති ටිරාන් අලස් සමඟ සාකච්ඡා කරන බව ද සඳහන් කරයි.
අද දිනයේ සිට වීසා නිකුත් කිරීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් ඇති බවත්, එසේ වුවහොත් රටේ කීර්තිනාමයට මෙන්ම ආර්ථිකයට ද දැඩි හානියක් වන බවත් ඔහු වැඩි දුරටත් කියාසිටියි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, අද සිට ක්‍රියාත්මක විය හැක්කේ ගුවන් තොටුපලේදී දින 30 ක පමණක් වලංගු on arrival visa නිකුත් කිරීම හා මාස 6ක සංචාරක විසා නිකුත් කිරිම පමණි.
පසුගිය මාස කිහිපයේ ක්‍රියාත්මකව තිබු අවුරුදු 2 – 5 ආදී කාණ්ඩ 17කින් යුත් නේවාසික විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය හේතුවෙන් අත්හිටුවීමට සිදුවන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) පස්වරුවේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
එමෙන්ම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart