August 2, 2024

ඇල්ල – පුංචි ශ්‍රී පාදය කඳු මුදුනින් වැටී විදේශීය සංචාරක කාන්තාවක් තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ (01) මෙම සංචාරක ආකර්ශනීය ස්ථානය නැරඹීමට ගිය අවස්ථාවේදී අනතුර සිදුව ඇති බවයි.

33 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව බේරාගෙන දේශීය සංචාරකයන් පිරිසකගේ සහාය ඇතිව සංචාරක පොලිසිය විසින් ඇයව බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඇයගේ දකුණු පාදයට තුවාල සිදුවී ඇති අතර මේ වන විට ඇය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.