July 29, 2024

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවති ජාතික සමස්ත ලංකා හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව කැෆේ සංවිධානය පවසයි.

ඒ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ඒ පිළිබඳව දැනුම්දෙමින් ලිපියක් යොමුකරමිනි.

මහජන බදු මුදල් වැයකර ලබාදෙන නිල ඇඳුම දේශපාලන කාර්යයන් වෙනුවෙන් යොදාගැනීම ආයතන සංග්‍රහය අනූවත් මැතිවරණ නීතිය අනුවත් වැරදි ක්‍රියාවක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ එම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි.