July 29, 2024

තමන්ට කිසිදු දැනුම්දීමක් නොකර හෝමාගම රැස්වීමක් සංවිධානය කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව බන්දුල ගුණවර්ධන හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ පක්ෂ විනය කඩකර ඇති බවයි.

එවැනි කරුණු සම්බන්ධයෙන් පොලිසියට ක්‍රියාත්මක විය නොහැකි බව මෙහිදී පොලිසිය පවසා තිබේ.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්තගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවයි.

ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ බවත් පාක්ෂිකයන් රැසක් තමා හමුවීමට පැමිණි බවත් නාමල් රාජපක්ෂ පවසා තිබේ.

මේ අතර,බන්දුල ගුණවර්ධන පසුගිය කාලයේදී නෙළුම් මාවතේ පක්ෂ කාර්‍යාලයට හෝ පැමිණ නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.