
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ කැලිෆෝනියාවේ ප්‍රකට දානපති, ඉංජිනේරුවකු වූ ජොහාන්ස් ලූඩෝස් කැලිෆෝනියාවේ සරණ හිමි නමින් කරන්දෙණිය ගලගොඩ ශෛලතලාරාමයේදී සසුන්ගත විය.
ගලගොඩ ශෛලතලාරාමාධිපති කුඩුමීරියේ සෝමිස්සර හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස ජොහාන්ස් ලූඩෝස් මෙලෙස සසුන්ගත විය.
බුදුදහම ගැන දීර්ඝ අධ්‍යයනයකින් පසු බුදුදහම පිළිබඳව පැහැදී, තමා මෙසේ සසුන්ගත වූ බව සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැලිෆෝනියාවේ
සරණ හිමියෝ කීහ.
තමා ගිහියකු ලෙස වෘත්තීයමය ඉංජිනේරුවකු වශයෙන් සේවය කරමින් ව්‍යාපාරිකයකු ලෙස සාර්ථක වෙමින් මේ වන විට මිලියන ගණන් මුදල් හරිහම්බ කරගෙන සිටින බවත්, ඒ කිසිවකින් නොලැබූ සතුට බුදුතමාට දහමින් ලැබුණු බවත් සරණ හිමියෝ පැවැසූහ.
මෙහි සියලුම ගෞරවය සහ පින සිය ගුරු හාමුදුරුවන් වන කුඩුමිරියේ සෝමිස්සර හිමියන්ට ලැබිය යුතු බවත්, උන්වහන්සේ තමාට ගැඹුරු බුදුදහම ඉතා සරලව අවබෝධ කර දුන් බවත් උන්වහන්සේ කීහ.
විදෙස් රටක පළමු පැවිදි ශිෂ්‍යයා කැලිෆෝනියාවේ සරණ හිමියන් බවත් උන්වහන්සේ ගිහි කල ඇති තරම් ලෞකික සැප සම්පත් විඳ ඇති බවත් පැවැසූ කුඩුමීරියේ සෝමිස්සර හිමියෝ, දැනට ද සරණ හිමියන්ට ලෝකයේ ඕනෑම රටකට යෑමට වීසා ඇති බවත්, ඒ සඳහා ගුවන් බලපත ද නොමිලයේ ලැබෙන බවත් පැවැසූහ.
ශාසනයට අලුතින් එකතු වූ කැලිෆෝනියාවේ සරණ හිමියන් මේ රටට සරණක් වීම නොවැළැක්විය හැකි නිසාම, උන්වහන්සේට සරණ යන නම තැබූ බව ද සෝමිස්සර හිමියෝ වැඩිදුරටත් කීහ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart