
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ලුවී පීරිස් මාවතේ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී හත්හැවිරිදි පිරිමි දරුවකු ඊයේ (28) පෙරවරුවේ මරණයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.
මියගිය දරුවාගේ 10 හැවිරිදි සහෝදරයා ද දියේ ගිලී තිබෙන අතර ඔහු ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
පිහිනුම් තටාකය තුළ සහෝදරයා ගිලී සිටිනු දැක ඔහු බේරාගැනීමට උත්සාහ කිිරීමේ දී 10 හැවිරිදි පිරිමි දරුවා දියේ ගිලී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මියගොස් ඇත්තේ මොහොමඩ් මිස්ජාත් නමැති දරුවෙකි.
කුරුඳුගොල්ල වැරැල්ලගම පදිංචි මොවුන් දෙමව්පියන් සමඟ පෙරේදා (27) මෙම හෝටලයට පැමිණ ඇත.
දරුවන් දෙදෙනා ඊයේ (28) පෙරවරු 11.00ට පමණ තනිව පිහිනුම් තටාකය අසළ සිටිය දී බාල දරුවා පිහිනුම් තටාකයට වැටී තිබේ.
දියේ ගිලුණු සහෝදරයා බේරාගැනීමට යෑමේ දී අනෙක් දරුවා ද දියේ ගිලී තිබෙන අතර හෝටල් සේවකයන් හා මව්පියන් එක්ව ඔවුන් ගොඩට ගෙන මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල කරා රැගෙන යනවිටත් බාල දරුවා මියගොස් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart