
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 තුන්වැනි කාර්තුව අවසන් වන විට තෝරාගත් ආයෝජකයන් විසින් කල්පිටිය දූපත් ආශ්‍රිතව දැනට නැවතී ඇති ආයෝජන ව්‍යාපෘතිවල සංවර්ධන කටයුතු ආරම්භ නොකළහොත් අදාළ බදු ගිවිසුම් අවලංගු කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනතුරු අඟවා ඇත.
එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ වයඹ පළාතේ පුත්තලම, කල්පිටිය වෙරළට ඔබ්බෙන් වූ දූපත් 14ක ආයෝජන සංවර්ධන කටයුතු අපේක්ෂා කළ පරිදි ප්‍රගතියක් ලබා නොමැති බවයි.
හැකි ඉක්මනින් සංවර්ධන කටයුතු ආරම්භ කරන ලෙස තෝරාගත් ආයෝජකයන්ට බලපෑම් කරන බව ද ඔහු පවසා තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රනාන්දු සඳහන් කර තිබුණේ රටේ පවතින තත්ත්වය මත අධිකාරිය අඩුපාඩුකම් සම්බන්ධයෙන් මෙතෙක් සහනශීලී පියවරක සිටි බවයි.
කෙසේවෙතත්, තෝරාගත් ආයෝජකයන් මෙම වසරේ තුන්වැනි කාර්තුව අවසන් වන විට සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත්, එම අවස්ථාවේ දී ප්‍රශ්නය වඩාත් බැරෑරුම් ලෙස පරීක්ෂා කර බැලීමට තම අධිකාරිය වෙත බල කෙරෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
“කල්පිටියේ ඇති දූපත්වලින් දෙකක් හැර අනෙක් සියල්ලම සංවර්ධන කටයුතු සඳහා ආයෝජකයන්ට වෙන් කර තිබෙනවා, නමුත් ක්‍රියාවලිය මන්දගාමීයි. කෝවිඩ්වලටත් කලින් තමයි මේවා දුන්නේ. කෝවිඩ් කාලේ එතන කිසිම දෙයක් වුණේ නැහැ. දැන් අලුත් උනන්දුවක් ඇති වී තිබෙනවා, ඔවුන් ආපසු පැමිණෙමින් ඉන්නවා, අපි ඔවුන්ට බලපෑම් කරමින් ඉන්නේ – සංවර්ධනය කරන්න, නැති නම් අපි බදු දීම අවලංගු කරනවා කියලා” යනුවෙන් ඔහු පවසා තිබේ.
තෝරාගත් ආයෝජකයන් වසරේ තුන්වැනි කාර්තුව අවසන් වන විට අදාළ දූපත්වල සංවර්ධන කටයුතු ආරම්භ නොකළහොත්, අධිකාරිය මැදිහත් වී බදු ගිවිසුම් අවලංගු කර ඉදිරියට යෑමට සූදානම් විකල්ප ආයෝජකයන්ට දූපත් ලබාදෙන බව ප්‍රනාන්දු පවසයි.
(The Daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart