
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළුව ඇනහිට ඇති යටිතල පහසුකම් ව්‍යාපෘති 11ක් සඳහා ජපානය නැවත අරමුදල් සැපයීම ආරම්භ කිරීමට නියමිතය.
කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය, මහනුවර නගර අපජල කළමනාකරණ ව්‍යාපෘතිය, බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැස්ම සැකසීමේ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති 11ක් ජපානයේ අරමුදල් සහිතව ක්‍රියාත්මක වේ.
ජපානය ශ්‍රී ලංකාවේ ඇනහිට ඇති ව්‍යාපෘති 11ක් සඳහා අරමුදල් සැපයීම යළි ආරම්භ කිරීමත් සමග සෙසු පරිත්‍යාගශීලීන් ද එය අනුගමනය කිරීමට නියමිතය.
ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමක් අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය කැප වූ අතර, ජූලි 23 වැනි දින නිල ණය කරුවන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹ තිබේ.
ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජපන් අරමුදල් නැවත ආරම්භ කිරීම, රට මූල්‍ය අර්බුදයෙන් සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නවල වැදගත් පියවරක් සනිටුහන් කරයි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ජපානය යෙන් ණය සහ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අදාළ අනෙකුත් මෙහෙයුම් නැවත ආරම්භ කරන බව ජපාන විදේශ ඇමැති Kamikawa Yoko ප්‍රකාශ කර තිබේ.
ප්‍රංශය සහ ඉන්දියාව සමඟ නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය දරන ජපානය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල ප්‍රබල ආධාරකරුවකු වී ඇත.
ජපානය වැනි ද්විපාර්ශ්වික ණය දෙන්නන් ව්‍යාපෘති අරමුදල් සැපයීම නවතා දැමුවේ ශ්‍රී ලංකාව වසර දෙකකට පෙර දරුණු ආර්ථික අර්බුදයකදී අමෙරිකානු ඩොලර් බිලියන 46ක විදේශ ණය සඳහා ණය සේවා සැපයීම අත්හිටුවීමත් සමඟය.
මෙරට ජපාන තානාපති හිඩේකි මිසුකෝෂි පැවසුවේ අත්හිටවූ ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය නැවත ආරම්භ කරන පළමු රට ජපානය බවයි.
මුදල් අමාත්‍යාංශයට අනුවව්‍යාපෘති 11 සඳහා ජපානය ඩොලර් මිලියන 75ක පමණ මූලික වාරිකයක් නිකුත් කරනු ඇත.
ජපානයේ නිල නිවේදනය මගින් දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, ස්වීඩනය, ජර්මනිය සහ නෙදර්ලන්තය වැනි ආධාර සපයන රටවල් සහ බහුපාර්ශ්වික නියෝජිතායතන මගින් තවත් සංවර්ධන ව්‍යාපෘති 200ක් සඳහා විදේශ මුදල් සැපයීම ඇරඹෙනු ඇති බවට විශ්වාස කෙරේ.
ශ්‍රී ලංකාව ජපානයට ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.36ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
චීනය සමඟ සමීප සබඳතාවලට කැමැත්ත පළ කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ‘ජයිකා’ ආධාර යටතේ ක්‍රියාත්මක වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ඉවත් කර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය සමඟ ඩොලර් මිලියන 500ක ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අවලංගු කිරීමෙන් පසු මෑත වසරවලදී ජපානය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා පළුදු විය.
1965 සිට ජපානය ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 120ක් සඳහා ඩොලර් බිලියන 8.8ක නිල සංවර්ධන ආධාර ලබා දී තිබේ.
දැනට ද ජයිකා ණය ආධාර යටතේ විදුලිය, ජල සම්පාදන, ජලාපවහන, වරාය, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සංදේශ සහ ග්‍රාමීය සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල ඩොලර් බිලියන 2.5ක් පමණ වටිනා ව්‍යාපෘති 11ක් ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart