
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ Onomichi සමූහයේ ඒකකයක් වන Colombo Dockyard, චීනයේ CM Ports විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ හම්බන්තොට අන්තර්ජාතික වරායේ පාවෙන අලුත්වැඩියා මධ්‍යස්ථානයක් ගොඩනැංවීම සඳහා ආයෝජනය කරනු ඇත.
හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහය පවසන්නේ, වරායේ නවීනතම නැව් අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා තමන් Colombo Dockyard සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ CM සමූහයේ ප්‍රධාන නියෝජිත සහ වරාය සමූහයයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු, මෙම නව පියවරේ උපායමාර්ගික වාසිය අවධාරණය කර ඇත.
ඉන්දියානු සාගරයේ නැඟෙනහිර-බටහිර මාර්ග ඔස්සේ හම්බන්තොට වරායේ පිහිටීම එය නැව් අලුත්වැඩියා සේවා සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම සඳහා කදිම ස්ථානයක් බවට පත්කර ඇත” ශ්‍රී ලංකාවේ CM සමූහයේ ප්‍රධාන නියෝජිත සහ වරාය සමූහයේ ප්‍රධාන විධායක ජොන්සන් ලියු නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.
ජපානයේ Onomichi Dockyard සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ Colombo Dockyard හි අධ්‍යක්ෂ කුනියෝ කොබටකේ පසුගියදා හම්බන්තොට වරායේ සංචාරයක නිරත විය.
Colombo Dockyard නව නැව් අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානය සඳහා ඩොලර් මිලියනයක ආයෝජනයක් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart