July 26, 2024

සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙකු වූ ජනමාධ්‍යවේදී කුමාරසිරි හෙට්ටිගේ පත්කර තිබේ.

කුමාරසිරි හෙට්ටිගේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන ඇත.