
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි කියන සිධියක් වාර්තා වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම නිල රියේ එන්ජිම එකවරම අක්‍රිය වීම සම්බන්ධයෙන් පොලිස් ජීප් රථ අලුත්වැඩියා කටයුතු සිදුකරන අදාළ සමාගම වෙත ගොස් සිදුකළ මූලික පරික්ෂාවේ දී මේ බව අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීය.
එන්ජිමට යොදා ඇති ලුණු වර්ගය ආහාර පිසීමට ගන්නා ඒවා නොවන බවත් පොල් ගස් වලට යෙදීමට ගන්නා ලුණු වර්ගයක් බවත් අනාවරණය වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය. මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරෙන බවද එම නිලාරියා සඳහන් කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart