
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දඹදිව, තායිලන්තය, බුරුමය, වැනි රටවලට චාරිකා සඳහා රැගෙන යන බව පවසමින්, රුපියල් හතලිස් පන්ලක්ෂයකට අධික මුදලක් ලබාගෙන, එසේ නොයවා විශ්වාසය කඩකිරීමේ සිද්ධි විසිඅටක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු විසිඅටක් ලැබ අධිකරණය මගහැර සිටි විහාරාධිකාරී හිමිනමක ලෙස කටයුතු කළ චීවරධාරියකු මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලිසිය පවසයි.
ගිරිහාගම ධම්මරතන නම් වූ මෙම චීවරධාරියා, ගලගෙදර, පොල්ගහවෙල, කුරුණෑගල, පොලොන්නරුව වැනි ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් බවට ලද පැමිණිලි අනුව ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු විසි අටක් නිකුත් කර තිබිණි.
මෙම චීවරධාරියා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ ඇපකරුවන් දසදෙනකුගේ ඇප මුදල් රාජසන්තක කිරීමටත්, චීවරධාරියා අගෝස්තු හත්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් ගලගෙදර මහෙස්ත්‍රාත් හර්ෂණ බණ්ඩාර රත්නායක නියම කළේය.
ගලගෙදර ප්‍රදේශයේ ශ්‍රාවස්ති දඹදිව චාරිකා නමින් ආයතනයක් පවත්වා ගෙන ගිය සැකකාර චීවරධාරියා දඹදිව වන්දනා චාරිකා සියයක්ද, තායිලන්තය, බුරුමය වැනි රටවල්වලට ද චාරිකා රැසක් සංවිධානය කර තිබුණු බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart