
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්පයිඩර් මෑන් ඇඳුමකින් සැරසුණු පුද්ගලයකු මෝටර් රථයක බොනට්ටුව මත ගමන් කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචලිත වීමත් සමඟ දිල්ලි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ස්පයිඩර් මෑන් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයා නජාෆ්ගාර්හි පදිංචි ආදිත්‍ය (20) නම් පුද්ගලයකු ලෙස හඳුනාගෙන ඇත.
වාහනයේ රියදුරු මහවීර් එන්ක්ලේව් හි පදිංචි ගෞරව් සිං (19) ලෙස හඳුනාගෙන තිබේ.
අනතුරුදායක ලෙස රිය පැදවීම, පරිසර දූෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම සහ ආසන පටි පැළඳ නොසිටීම යන චෝදනා යටතේ වාහනයේ හිමිකරුට සහ රියදුරුට එරෙහිව නඩු පවරා තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව එම වරදවල් සඳහා උපරිම දඩ මුදල රු. 26,000 සහ/හෝ සිරගත කිරීම හෝ එම දඬුවම් දෙකම වීමේ හැකියාවක්ද තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart