
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉලිනොයිස් හි සුදු පොලිස් නිලධාරියකු කළු ජාතික කාන්තාවකට වෙඩිතබන ආකාරය දැක්වෙන කම්පන සහගත වීඩියෝවක් බලධාරීන් විසින් නිකුත් කර තිබේ.
නිවසට අනවසරයෙන් ඇතුළු වන්නෙකුට බියෙන් පොලිසියට කතා කළ අදාළ කාන්තාව පොලිස් නිලධාරීන් මෙලෙස ඇයගේ නිවෙස තුළදීම වෙඩිතබා මරාදමා ඇත.
36 හැවිරිදි Sonya Massey නම් කාන්තාව ජුලි 6 වැනිදා අලුයම Sangamon ප්‍රාන්තයේ ෂෙරිෆ් කාර්යාලයේ නියෝජ්‍ය Sean Grayson විසින් ඉලිනොයිස් ප්‍රාන්තයේ අගනුවර වන Springfield හි පිහිටි ඇයගේ නිවසේදී මෙලෙස ඝාතනය කරන ලදී.
මැසේ පොලිසියට කතා කර තිබුණේ කවුරුන් හෝ තම නිවසට කඩාවැදීමට උත්සාහ කරන බව සිතූ නිසාය.
ඇයගේ බෙල්ලේ පිටුපසින් සහ ඇසට පහළින් වෙඩි උණ්ඩ කිහිපයක් එල්ලවී ඇත.
පසුව එහි පැමිණි වෛද්‍යවරුන් ඇයව අසල පිහිටි රෝහලකට ගෙන ගිය අතර එහිදී ඇය මියගොස් ඇති බව ප්‍රකාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart