
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බුදුන් වහන්සේ දේශනා කළේ ‘සාමය’ මිස ‘යුද්ධය’ නොවන බව, ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, එරට ඉන්දීය ප්‍රජාව අමතමින් පැහැදිලි කළේය.
ඉන්දියාව මෙම 21 වැනි සියවසේ ඉදිරියට යන්නේ සාමයේ පණිවුඩය රැගෙන බවත්, ඉන්දියාව සැමවිටම සාමය වෙනුවෙන් කැපවී සිටින බවත් ඉන්දීය අගමැතිවරයා පෙන්වා දුන්නේය.
“වසර දහස් ගණනක් තිස්සේ ඉන්දියාව අපේ දැනුම ලොවට බෙදාදෙනවා. බුද්ධ දර්ශනය අනුව, ඉන්දියාව හැමවිටම ලෝකයට ගෙන යන්නේ සාමයයි. යුද්ධය නොවෙයි.” යැයි ඉන්දීය අගමැතිවරයා එරටවේ ඉන්දීය ප්‍රජාව අමතමින් කියාසිටියේය.
ඔස්ට්‍රියාවේ වෙසෙන ඉන්දියානුවන් ගණන 31,000 කි.
අගමැති මෝදි දෙදින නිල සංචාරයක් සඳහා වියානා බලා පැමිණියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසුවය.
ඉන්දීය අගමැතිවරයකු මේ අයුරින් ඔස්ට්‍රියාවට පැමිණියේ වසර 40 කට වඩා වැඩි කාලයකින් අනතුරුවය.
මිට පෙර එලෙස ඕස්ට්‍රියාවට පැමිණියේ 1983 වසරේදී එවකට ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart