
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කිරීම මේ මස අවසානයේදී සිදුකරන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6ත් අතර කාලයකදී ඔහු ජයග්රහණය කරවීමට තරම් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ යාන්ත්රණය ශක්තිමත් බවයි.
ජනාධිපතිවරණයට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු නම් කිරීම ප්රමාදවීම සම්බන්ධයෙන් කළ විමසීමකට ප්රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ තම පක්ෂය කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කිරීමට සූදානම් නොමැති බවයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිපත්තිවලට එකඟවන, ජනාධිපතිවරණය ජය ගතහැකි අපේක්ෂකයකු මේ මස අවසානයේදී නම් කරන බවත් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පැවසීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ යාන්ත්රණය ඉතා ශක්තිමත් බවත් ජනාධිපතිවරණය කැඳවා සති 4ත් 6ක් ඇතුළත අපේක්ෂකයා ජයග්රහණය කරවීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවත් ඔහු පැවසීය.
එන ඕනෑම අපේක්ෂකයකු ජයග්රහණය කරවීමට දැනටමත් තමා ජාතික සංවිධායක ලෙස බිම්මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවත් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart