
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබාදීමට අද (10) දිනයේ රැස් වූ වතු සමාගම් 09ක් එකඟ වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පෙන්වා දෙයි.
මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් අමාත්‍යවරයාට එකඟතාව පළ කර තිබේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා වතු සමාගම් අතර අද (10) එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසේ සිට වැඩි කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර මේ වසරෑඅ මැයි පළවැනිදා ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පළ කෙරිණි. එහෙත් එයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹී තිබූ අතර අධිකරණය විසින්ද මේ සම්බන්ධව එකඟතාවයකට එළළඹී කටයුතු කරන ලෙස දැනුම් දී තිබිණි.
ඒ අනුව දෙපාර්ශ්වය අතර අද දිනයේ ඇති වූ එකඟතාවය මෙරට වතු කම්කරුවන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,
“මේ මොහොතේ වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවීමට නොහැකියාවක් පවතින සමාගම් තිබෙන්නේ නම් විශේෂයෙන් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලුවක් පවතින නිසා එවැනි වතු සමාගම්වලට මෙයට පෙර කැබිනට් මණ්ඩලය ගත් තීන්දු අනුව පත් කරන ලද කමිටු තීරණ අනුව අලුතින් සකස් කරන ලද නීතිරීති හරහා ඔවුන්ගේ බදු ගිවිසුම් පත්‍ර අවලංගු කර දැනට වැටුප් ගෙවීමට හැකියාවක් පවතින කාර්යක්ෂමව පවත්වාගෙන යන වතු සඳහා ඔවුන්ගේ ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමටත් එම වතුවල දීර්ඝ කාලීන ආයෝජනයන් සිදුකිරීමටත් තීරණය කෙරුණා. දැනට තිබෙන කෙටි කාලීන බදු ගිවිසුම් කාලය දීර්ඝ කර ඉදිරියට තව දුරටත් දීර්ඝකාලීන බදු ගිවිසුම් සඳහා ඔවුන් සමග එකඟව කටයුතු කිරීමට අවශ්‍ය කරන නීති රීති සකස් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව අනුව තවදුරටත් එය කඩිනම් කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරුණා.
සේවකයන්ට සරිලන වැටුප් ගෙවීමට නොහැකි වතු සමාගම් සිටී නම් ඔවුන්ගේ බදු ගිවිසුම් අවලංගු කිරීමටත් එමෙන්ම නිවැරදි ආකාරයෙන් ගෙවන වතු සමාගම් සිටී නම් එම සමාගම්වල බදු ගිවිසුම් කාලය වඩා දීර්ඝ කාලයක් සඳහා ගිවිසුම් ගත වීම සඳහාත් ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද කමිටුවේ නීති වහා ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. දැනට වැටුප් වැඩි කිරීම සඳහා අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද ගැසට් නිවේදන, නෛතික කරුණු සම්බන්ධව විමසීමක් කර ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මෙහිදී කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.
අධිකරණයත් අපට යම් දැනුම් දීමක් කර තිබුණා අගෝස්තු මාසය වන විට මේ සම්බන්ධව එකඟතාවයකට පැමිණ යම් තීන්දුවක් ගන්නා ලෙස ඒ අනුව අද රජයේ සහ පෞද්ගලික සියලු වතු සමාගම්වලට ආරාධනා කළා මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට. ඒ අනුව අපි වතු සමාගම්වලින් ඉල්ලීමක් කළා මේ අවම මූලික වැටුප මේ මාසයේ සිටම ගෙවීමට ආරම්භ කරන ලෙස. එමෙන්ම ඵලදායීතාව මත පදනම්ව ඔවුන්ගේ දිරි දීමනා ලබා දෙන ලෙසත් එහිදී ඉල්ලීමක් කළා. වතු සමාගම් 09ක් අද දිනයේ එයට එකඟ වුණා. දෛනික දීමනාව මේ මාසයේ සිට ගෙවීමටත් ඔවුන්ගේ ඉපයීම් මත පදනම්ව ලබා දීමට යෝජිත දීමනාවටත් මෙහිදී බොහෝ වතු සමාගම් එකඟ වුණා.”
ඵලදායීතාව මත පදනම්ව නියමිත මුදලට වැඩි දීමනාවක් ලබා ගැනීමට හැකි බවද එම වතු සමාගම් මෙහිදී පෙන්වා දුන් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කී අතර මෙය මෙරට වතුකම්කරු ප්‍රජාව ලැබූ ඉහළ ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart