
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැනට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරයි.
ඔහු සඳහන් කරන්නේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය අවසරය සේම ඒ සඳහා අවශ්‍ය අරමුදල්වලින් කොමිසම සම්පුර්ණයෙන්ම සන්නද්ධව සිටින බවයි.
ඔහු මෙම අදහස් පළකර තිබුණේ නීතිමය සහ මූල්‍යමය බාධාවන් හේතුවෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට ඇති හැකියාව පිළිබඳ විවිධ පාර්ශ්ව අදහස් පළකරමින් සිටින පසුබිමකය.
මැතිවරණය ගැටලුවකින් තොරව පැවැත්වීම සහතික කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරීන් සමඟ මැතිවරණ කොමිසම මේ වන විටත් සාකච්ඡා පවත්වා තිබේ.
අරමුදල්වලට අදාළ කරුණු සම්බන්ධයෙන් ජූලි මස 17 වැනිදා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග මැතිවරණ කොමිසම සාකච්ඡා කිරීමට ද නියමිතය.
ජුලි 14 වැනිදායින් පසු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙනු ඇත.
ඒ අනුව සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර දිනයක ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසමින් ජනාධිපතිවරණ දිනය මේ මස අවසානයේදී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart