
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තරුණ පිරිස් මද්‍යසාර භාවිතයට මුලපිරීම ආරම්භ වී ඇත්තේ බිග් මැච්(Big Match) තරග අවස්ථා වැනි විශාල පුද්ගල ඒකරාශීවීම් අතරතුර යැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) මද්‍යසාර භාවිතයේ ප්රවණතා පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වමින් ප්‍රකාශ කර ඇත.
2023 අගෝස්තු මාසයේදී, කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ යාපනය දිස්ත්‍රික්කවල වයස අවුරුදු 15 සහ ඊට වැඩි පිරිමි ජනගහනය සමීක්ෂණයට ඇතුළත් කර ඇත.
පුහුණු පර්යේෂකයන් විසින් වලංගු ප්‍රශ්නාවලියක් භාවිත කරමින් දත්ත රැස්කර ඇත.
සමීක්ෂණයට සහභාගිවූවන්ගේ වයස, අධ්‍යාපන තත්ත්වය, රැකියාව ආදී ජීව දත්ත තොරතුරු, මද්‍යසාර භාවිතය ආරම්භ කිරීම සඳහා බලපෑ සාධක සහ මද්‍යසාර පරිභෝජන රටාවන් පිළිබඳ තොරතුරු සමීක්ෂණයේ දී ලබාගෙන ඇත.
සමීක්ෂණයට අනුව මත්පැන් භාවිත කරන්නන් සියයට 30.6ක් බවත් වයස අවුරුදු 15-21 අතර සියයට 22ක් මද්‍යසාර භාවිත කරන පිරිස් බවත් හඳුනාගෙන ඇත.
වර්තමානයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වැඩි ප්‍රතිශතයක් ආරම්භයේදී භාවිත කරන මද්‍යසාර වර්ගය බියර් (52.6%) වේ.
සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සියයට 19.9ක් සමීක්ෂණය මෙහෙයවන කාලය වන විට මද්‍යසාර භාවිතයෙන් ඉවත්වීමට සමත්ව ඇති අතර මද්‍යසාර භාවිතය නිෂ්ඵල හැසිරීමක් ලෙස වටහා ගැනීම, සෞඛ්යම කාරණා සහ මූල්‍ය ගැටලු මද්‍යසාර භාවිතයෙන් ඉවත් වීම සඳහා බලපෑ ප්රමුඛ සාධකය ලෙස වාර්තා වී ඇත.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart