July 11, 2024

දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් ‘ලංකාදීප’ය වාර්තා කරයි.

එම සේවය හැරයෑමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව ද එම නිලධාරියා සඳහන් කර ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරු සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු මේ වන විට වැඩවර්ජනයට සහභාගි වී සිටිති.