
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මුහුදු සීමාවට චීන පර්යේෂණ යාත්‍රා පැමිණීම සහ ඉන්දියාවේ ආරක්ෂක පැමිණිලි පිළිබඳව අවධානය යොමුකළ ඇමැති අලි සබ්රි සබ්රි, ශ්‍රී ලංකාව එවැනි ගැටළු බරපතල ලෙස සළකන බවට සහතික විය.
“අවශ්‍ය නම් අපි සාක්ෂි ඉල්ලා සිටිනවා. අවශ්‍ය නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා. අපගේ අසල්වාසීන්ගේ ආරක්ෂාවට නීත්‍යානුකූලව තර්ජනයක් වන කිසිම දෙයකට අපි ඉඩ දෙන්නේ නැති බව අපි සියලු හවුල්කරුවන්ට පැහැදිලි කර තිබෙනවා. අපට අපේ දොරකඩට ආතතීන් අවශ්‍ය නැහැ. කෙසේවෙතත්, සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස, ආරක්ෂාවට තර්ජනයක් වන බවට සාක්ෂි තිබේ නම්, අපි ඒ අනුව ක්‍රියා කරන්නවා. එක් එක් සිද්ධිය තනි තනිව තක්සේරු කරනවා” යැයි විදේශ කටයුතු ඇමැතිවරයා සිංගප්පූරුවේ පැවති සංසදයකදී විස්තර කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රවේශය, කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කරමින් අන්තර්ජාතික ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, ආර්ථික සංවර්ධනය සමඟ උපාය මාර්ගික ස්වයං පාලනයක් තුලනය කිරීම අරමුණු කර ඇති බවද ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart