
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටවූ ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් ශ්‍රී ලංකාවට ඕනෑම නව යෙන් ණයක් ලබා දීම සම්බන්ධයෙන් ජපානය සළකා බලන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් වීමත් සමඟ ජපානය විසින් මෙම සළකා බැලීම සිදුකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටි විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, අත්හිටුවා ඇති සියලුම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇත.
ඒ අනුව ලිපි ලේඛන කටයුතු සහ අනෙකුත් විධිවිධාන අවසන් වූ පසු මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය උනන්දු වන බව වාර්තා වේ.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පුළුල් කිරීම ඇතුළු ජපන් අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (ජයිකා) යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 12ක් මෙරට ආර්ථික අර්බුද හේතුවෙන් ජපානය නවතා දමා තිබිණි.
ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අවලංගු කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) නව ව්‍යාපෘතියක් ලෙස සළකා බැලීමට ජපානයේ අවධානය යොමුව ඇති බව ද ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක් වූ එම දුම්රිය ව්‍යාපෘතියෙන් 2020 දී ශ්‍රී ලංකාව ඉවත් විය.
කෙසේවෙතත් ජපාන ආධාර ඇතිව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය දියත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළ කර තිබේ.
මාර්තු මස අග සටහන් වී තිබූ භාණ්ඩාගාර දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින ඩොලර් බිලියන 37ක විදේශ ණයවලින් සියයට 28.5ක් ද්විපාර්ශ්වික ණය හිමියන් සතු වේ.
චීනය විශාලතම තනි ද්විපාර්ශ්වික ණය දෙන්නා වී සිටින අතර එම ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.66කි.
ජපානය එහි දෙවැනි ස්ථානයේ සිටින්නේ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.35ක ණයක් සපයමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart